විදුහල්පති පණිවිඩය
A.D.W.Y.P.සෙනෙවිරත්න මිය
හසලක මහ/රණසිංහ ප්‍රේමදාස ජාතික පාසල තෙල්දෙණිය කලාපයේ මිනිපේ කොට්ඨාසයේ පවතින එකම ජාතික පාසලයි.6-13 ශ්‍රේණි පන්ති පැවැත්වෙන අප විද්‍යාලයේ සිසු දරුවන් සියළුම අංශ කෙරෙහි දක්ෂතා දක්වමින් ජයග්‍රහණ කරා පියනගන බව ආඩම්බරයෙන් ප්‍රකාශ කළ හැකි අතර සාමාන්‍ය පෙළ , උසස් පෙළ ඉහළ ප්‍රතිඵල පෙන්නුම් කිරීමට හොඳ ප්‍රවණතාවයකි.
තොරතුරු තාක්ෂණ අංශය සක්‍රියව පවතින අප විදුහලේ දරුවන් වඩ වඩාත් මේ ක්ෂේත්‍රයකෙරෙහි උනන්දුවක් දැක්වීම නූතන ප්‍රවණතාවයකි.මේ තුළ අප විද්‍යාලය සමඟ අධ්‍යාපන කටයුතු ප්‍රමුඛ කරගෙන තොරතුරු හුවමාරු මෙම වෙබ් අඩවිය ඔස්සේ ඉටුකරගනිමින් ඵලදායී ලෙස භාවිතයට ගත හැකි වනු ඇතැයි විශ්වාස කරමි.
මිනිපේ ප්‍රදේශයේ ඇති ජාතික සම්පතක් වන මෙම පාසලේ තොරතුරු වෙබ් අඩවිය හරහා තොරතුරු ලබා ගනිමින් අප පාසලේ උන්නතිය සඳහා අතහිත දෙන මෙන් පාසලට සම්බන්ධ විවිධ පාර්ශවවලින් හෘදයාංගමව ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි.විශේෂයෙන්ම කෙටි කලකට හෝ අප පාසලේ ස්වේච්ඡාවෙන් සේවය කිරීමට කැමති ඕනෑම විෂයක් සඳහා විෂය දැනුම ඇති රැකියා බලාපොරොත්තුවෙන් සිටින ප්‍රදේශයේ දූ පුතුන්ට ස්වේච්ඡාවෙන් ඉගැන්වීමට පාසලට පැමිණෙන ලෙස ආරාධනා කරමි.
වෙබ් අඩවිය නිර්මාණය කිරීමේදී අතහිත දුන් සැමටත් ස්තූතිය පුද කරන අතර දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි.
A.D.W.Y.P.සෙනෙවිරත්න මිය
විදුහල්පති
මහ/රණසිංහ ප්‍රේමදාස ජාතික පාසල.






