නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
U.R.N.P.K.ගුණතිලක මිය
මහ/රණසිංහ ප්‍රේමදාස ජාතික පාසල, මධ්‍යම පළාතේ තෙල්දෙණිය අධ්‍යාපන කලාපය තුළ කීර්තිමත් නමක් දිනා ගත් පාසලකි.සිසුන් 1500ට ආසන්න පිරිසක් සිප්සතර හදාරන මෙම පාසල අධ්‍යාපන කටයුතු මෙන්ම විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම් තුළින් කැපී පෙනෙන දක්ෂතා පෙන්නුම් කර ඇත.
වාර්ෂිකව අ.පො.ස.(සා.පෙළ) හා අ.පො.ස.(උ.පෙළ) සමත් ප්‍රතිශතය ඉහළ අගයක් කරා ගමන් කරන අතර විශ්ව විද්‍යාල වරම් ලබන දූ පුතුන් ප්‍රමාණයද වැඩි වෙමින් පවතී.එමෙන්ම ක්‍රීඩා හා සෞන්දර්ය තරඟ, කලාප හා පළාත් ජයග්‍රහණ රැසක් දරුවන් හිමි කරගෙන ඇත.විෂය දැනුමින් මෙන්ම විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම් තුළින් දරුවන් ඉහළ මට්ටමට ඔසවා තැබීමට ගුරු මණ්ඩලය ද මහත් වෙහෙසක් දරයි.ගුරුවරුන්ගේ කැපවීමත් දරුවන්ගේ උනන්දුවත් මත ද දිනන රණසිංහ ප්‍රේමදාස ජාතික පාසල පළාත තුළ මෙන්ම දිවයිනේ කීර්තිමත් පාසලක් බවට පත් වේවායි සුභාෂණ එක් කරමි.
U.R.N.P.K.ගුණතිලක මිය
නියෝජ්‍ය විදුහල්පති
මහ/රණසිංහ ප්‍රේමදාස ජාතික පාසල.






